‍ගී ‍ප‍ද ‍වැල්‍

හිත දුර හන්ඳා-Athma Liyanage


හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ  නුඹම වේද මංදා...

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ  නුඹම වේද මංදා...

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා...
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා...
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ  නුඹම වේද මංදා...

අහස වගෙයි නුඹ සිතුවමක් දෝ
මතකෙට නැගෙනා..
හැඩවෙන ලඟ තනියට ඉන්නම්
නුඹමද කියනා...
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා...

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා...

හිත දුර හන්ඳා - නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා...
තනිකම හංඟා - ඈතක රන්දා
මතක හිත ඇහින්දා...
අරුත කියන සෙනෙහේ  නුඹම වේද මංදා...
අරුත කියන සෙනෙහේ  නුඹම වේද මංදා.


චොකලට් කෑල්ල-Katta kala 2



එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ
දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ
වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ
කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ


පංතිත් කට් කරලා ඉන්නේ ඇය බලන්න
අරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න
තිබුනට බූට් සොමිය මේ හද පිරේන්න
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ

වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ
වියදම නෑ මචං ඩබල් වෙන්නේ
බූට් එකත් අමුතු ආතල් එකක්නේ
බූට් එකත් අමුතු ආතල් එකක්නේ

චොකලට් කෑල්ල මගේ
සූකිරි බට්ටියා මගේ
ඔයා නොලැබුනොත් අනේ
පනිනවා ලෝකාන්තේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ
ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ

ගමට කලින් හිරු-Karunarathne Diwulgane


ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ


හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදින්නේ

වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා



මතු උපදින සසරේ විශාඛාව වී 
මෙත් මඟ නෙත් හමුවේවා

ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා



ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

චකිතය-Nemessis


සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතය වත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ
හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා
කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ
හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා
නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා

No comments: