Thursday, April 10, 2014

ගේම් වලට කෑමති ඔයාලට ගේම් වල wallpeper විස්කම් 2014  ලබාගන්න පුලුවන්.

Sunday, March 16, 2014

‍Android අ‍න‍තු‍රේ

‍ඇන්‍ඩ්‍රො‍යිඩ්‍ ‍සා‍ය‍ම ‍ගි‍යෝ.

. ‍දැන්‍  ‍හැ‍මෝ‍ම SMART ‍වෙ‍ලා‍නෙ. ‍ඒ ‍වු‍නා‍ට ‍ඔන්‍‍න ‍ඒ ‍කට්‍‍ටි‍ය‍ට ‍පො‍ඩි ‍බා‍ධා‍වක්‍ ‍ඇ‍විල්‍‍ල. ‍දැන්‍ ‍Android OS ව‍ල ‍දෝ‍ශ ‍ගො‍ඩ‍යි. ‍මේ‍ක ‍කි‍යන්‍‍නෙ ‍ම‍ම ‍නෙ‍මෙ‍යි. ‍Bluebox කි‍ය‍ල ‍ප‍රි‍ග‍න‍ක ‍ආ‍රක්‍‍ශා‍ව ‍ගැ‍න ‍හො‍ය‍න ‍ලො‍කු ‍ස‍මා‍ග‍මක්‍... ‍මේ‍ක‍ට ‍ඉං‍‍ගි‍රි‍සි‍යෙන්‍ ‍කි‍යන්‍‍නෙ BUG ‍එ‍කක්‍ ‍කි‍ය‍ල. ‍ඒ ‍හ‍ර‍හා ‍ය‍න ‍HackersලාVIrus ‍ස‍හ ‍Malware හ‍ද‍න‍ව‍ලු. ‍ඒ ‍හින්‍‍ද ‍දැන්‍ ‍Android අ‍න‍තු‍රේ. ‍මේ ‍අ‍ව‍දා‍න‍මෙන්‍ ‍බේ‍රෙන්‍‍න ‍ඕ‍නෙ ‍නම්‍ ‍ප‍රිස්‍‍සම්‍ ‍වෙන්‍‍න.

Game ‍හ‍රි Apps ‍හ‍රි ‍DOwnload ක‍ර‍න‍කො‍ට ‍Playstore එ‍කෙන්‍ ‍වි‍ත‍රක්‍ ‍Download ක‍රන්‍‍න. ‍විස්‍‍කම්‍ ‍වෙබ්‍ ‍අ‍ඩ‍වි‍ය ‍හ‍ර‍හා ‍කි‍රී‍මත්‍ 100%ක්‍ ‍ආ‍රක්‍‍ශි‍ත‍යි

 ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න.
SAFETY FIRST! 

Thursday, March 13, 2014

‍ඩි‍ජි‍ටල්‍ ‍දා‍න ‍පා‍ර‍මි‍තා‍ව


 ‍ඔ‍ය ‍ගොල්‍‍ලං‍‍ගෙ ‍කොම්‍‍පි‍යු‍ටර් ‍ව‍ල ‍ති‍යෙ‍න ‍වැ‍ඩි‍පූ‍ර ‍ඉ‍ඩ ‍ටි‍ක ‍ඩි‍ජි‍ටල්‍ ‍වි‍දි‍ය‍ට ‍වි‍දි‍යාඥ‍යින්‍‍ට ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍අ‍ලුත්‍ ක්‍ර‍ම‍යක්‍‍ඇ‍වි‍දිල්‍‍ල‍ලු. ‍මේ ‍වැ‍ඩේ ‍ක‍ලා ‍කි‍ය‍ල ‍අ‍පි‍ට ‍කි‍සි ‍අ‍වු‍ලක්‍ ‍වෙන්‍‍නෙ ‍නෑ. ‍ක‍රන්‍‍න ‍ති‍යෙන්‍‍නෙ ‍මෙච්‍‍ච‍ර‍යි. ‍ප‍හ‍ත ‍ලිං‍ක්‍ ‍එ‍කෙන්‍ ‍WCG Software Download ක‍ර‍න ‍එ‍ක ‍වි‍ත‍ර‍යි. ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍අ‍පි‍ට ‍අ‍පේ ‍ඕ‍නෙ ‍‍වැ‍ඩක්‍  ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍.‍මේ ‍වැ‍ඩේ ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ ‍ති‍යෙන්‍‍නෙ ‍ඇ‍ම‍රි‍කා‍වෙ ‍ස‍මා‍ග‍ම ‍ත‍ම‍යි. ‍
http://www.worldcommunitygrid.org
මේ ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම ‍පිං‍ ‍කැ‍ම‍ති ‍ඔ‍බ ‍පි‍නි‍ස‍යි.   ‍

Wednesday, February 19, 2014

‍අ‍හෝ ‍වින්‍‍ඩෝස්‍ XP !


‍ඕං‍ ‍ම‍යික්‍රො‍සොෆ්‍ට්‍ ‍කට්‍‍ටි‍ය ‍වින්‍‍ඩෝස්‍ ‍එක්‍ස්‍‍පී ‍අ‍තා‍රින්‍‍න ‍කි‍ය‍න‍ව‍ලු!

‍අ‍ද ‍ලෝ‍කෙ ‍ති‍යෙ‍න ‍කොම්‍‍පි‍යු‍ටර් ‍ව‍ලින්‍ 92%‍ක ‍ම ‍ව‍ගේ ‍ති‍යෙන්‍‍නෙ ‍වින්‍‍ඩෝස්‍ OSඑ‍කක්‍... ‍ඒ ‍අ‍ත‍රින්‍ 39% ක්‍ ‍තා‍මත්‍ XP.‍මෙච්‍‍ච‍ර ‍කට්‍‍ටි‍යක්‍ ‍මේ‍ක ‍පා‍විච්‍‍චි ‍ක‍ලත්‍ ‍ම‍යික්‍රො‍සොෆ්‍ට්‍ ‍එ‍කෙන්‍ ‍කි‍යන්‍‍නෙXP ‍එ‍පා ‍කි‍ය‍ල. ‍ඕං‍ 2014/04/08 ‍වෙ‍න‍කො‍ට XP ‍සම්‍‍පූර්‍ණ‍යෙන්‍‍ම ‍න‍වත්‍‍ත‍න‍ව‍ලු. ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍අ‍ය ‍අ‍ත‍රෙ ‍කා‍ ගා‍ව‍වත්‍ XP ‍ති‍ය‍න‍වා ‍නම්‍ ‍දැන්‍‍ම ‍වින්‍‍ඩෝස්‍ 7 ‍හ‍රි 8 ‍දා‍ගන්‍‍න ‍හොඳ ‍ද?

‍ත‍ව ‍ඕ‍නෙ ‍නම්‍ ‍මෙ‍ත‍න ‍Clickක‍රන්‍‍න. 

Monday, February 17, 2014

LG GFlex

‍ෆෝන්‍ ‍ව‍ලින්‍ ‍මල්‍ ‍බැ‍රි‍නං‍ ‍කො‍ල ‍හ‍රි ‍ක‍ඩ‍න ‍අ‍ය‍ට ‍‍මේ‍ක ‍පට්‍‍ට ‍නි‍වුස්‍ ‍එ‍කක්‍. ‍.


ඔ‍ය‍ගොල්‍‍ලො ‍දැ‍ක‍ල ‍ඇ‍ති‍නෙ ‍ස‍ම‍හ‍ර ‍උන්‍‍දැ‍ලැ ‍ෆෝන්‍ ‍එ‍කෙන්‍ ‍ක‍තා ‍ක‍ර‍න‍කො‍ට ‍ෆෝන්‍ ‍එ‍ක ‍ක‍න ‍ලඟ‍ට‍යි ‍ක‍ට ‍ලඟ‍ට‍යි ‍මා‍රු‍වෙන්‍ ‍මා‍රු‍ව‍ට ‍ලං‍‍ක‍ර‍න‍ව. ‍ඒ ‍සෝ‍බ‍නේ ‍ට ‍කි‍ය‍ල ‍අ‍පි‍ට ‍හි‍තු‍න‍ට ‍එ‍හෙ‍ම ‍ක‍රේ ‍නැත්‍‍තං‍ ‍සද්‍‍දෙ ‍පැ‍හැ‍දි‍ලි ‍ම‍දි ‍වෙ‍න‍වා. ‍මේ ‍ලෙ‍ඩේ‍ට ‍බේ‍තක්‍ ‍හො‍යා‍ගත්‍‍තෙ LG Electronics‍ ස‍මා‍ග‍ම. ‍ඒ ‍කට්‍‍ටි‍ය‍ගෙ ‍අ‍ලුත්‍‍ම ‍භාන්‍‍ඩෙ ‍ත‍ම‍යි ‍නැ‍මෙ‍න‍සු‍ලු G-Flex Smart‍ Phone එ‍ක. ‍මේ ‍ෆෝන්‍ ‍එ‍ක ‍වක්‍රා‍කා‍ර‍යි.‍ඒ‍ක ‍නි‍සා ‍අ‍ර ‍අ‍වු‍ල ‍මෙ‍තෙන්‍‍ට ‍බ‍ල‍පාන්‍‍නෙ ‍නෑ. ‍මේ ‍ෆෝන්‍ ‍එ‍ක ‍දැන්‍ ‍කො‍රි‍යා‍වෙන්‍ ‍ගන්‍‍ට ‍පු‍ලු‍වන්‍.. ‍මේ‍කෙ ‍ති‍ර‍ය ‍හ‍ද‍ල ‍ති‍යෙන්‍‍නෙ ප්‍‍ලාස්‍‍ටික්‍ ‍ව‍ලින්‍.. ‍ඒ ‍නි‍ස ‍නැ‍මෙද්‍‍දි ‍කැ‍ඩෙන්‍‍නෙ ‍නෑ. ‍අ‍ඩු‍ම ‍ත‍ර‍මෙ ‍මේ ‍ෆෝන්‍ ‍‍එ‍ක ‍උ‍ඩ ‍ග‍ලක්‍ ‍තිබ්‍‍බත්‍ ‍‍කෙ‍ලින්‍ ‍වෙ‍ලා ‍ආ‍යේ ‍ග‍ල ‍ගත්‍‍ත‍ට ‍පස්‍‍සෙ ‍නැ‍මෙ‍න‍වා. ‍ඒ‍ක ‍නෙ‍මෙ‍යි ‍මේ‍කෙ ‍ති‍යෙ‍න ‍පට්‍‍ට‍ම ‍සීන්‍ ‍එ‍ක
.‍මේ‍කෙ  Backcover ‍එ‍ක ‍හී‍රු‍නොත්‍ ‍වි‍නා‍ඩි ‍2න්‍  සී‍රු‍ම ‍මැ‍කි‍ලා ‍ය‍න‍වා.  ‍‍‍මේ‍කෙ ‍බැට්‍රි‍යත්‍ ‍නැ‍මෙ‍න ‍සු‍ලු‍යි.



 ‍වැ‍ඩි ‍විස්‍‍ත‍ර ‍මෙ‍ත‍නින්‍. =http://www.gsmarena.com/lg_g_flex-5806.php

Saturday, February 15, 2014

ඔ‍බ‍ට ‍වැ‍ද‍ගත්‍‍ම ‍වෙබ්‍ ‍සේ‍වා 10ක්‍

‍ඔ‍බ‍ට ‍වැ‍ද‍ගත්‍‍ම ‍වෙබ්‍ ‍සේ‍වා 10ක්‍ 



  1. ‍ධා‍රි‍ත‍වෙන්‍ ‍වැ‍ඩි ‍ෆ‍යිල්‍ ‍හු‍ව‍මා‍රු ‍ක‍ල ‍හැ‍කි wetransfer
  2. ‍ඉ‍ගෙ‍නුම්‍ ‍මෙ‍ව‍ලම්‍ ‍ල‍බා ‍දෙ‍න Desmos
  3. ‍උ‍ව‍ම‍නා ‍දේ ‍ප‍ම‍නක්‍ ‍Print ක‍ර ‍දෙ‍න Print What You Like
  4. ‍ර‍ජ‍යේ ත්‍ර‍යි ‍භාෂා ‍ශබ්‍‍ද‍කෝ‍ශ‍ය Tri Lingual Dictionary
  5. ‍ඉන්‍‍ට‍නෙට්‍ ‍රේ‍ඩි‍යෝ ‍සේ‍වා ‍සි‍යල්‍‍ල ‍එ‍ක‍ම ‍තැ‍න‍කින්‍ ‍දෙ‍න Radio Beta
  6. ‍අන්‍‍තර්‍ජා‍ල ‍වේ‍ග‍ය ‍‍මැ‍න ‍දෙ‍න ‍වෙබ්‍ ‍ආ‍රක්‍‍ශා‍ව ‍දෙ‍න Disconnect
  7. ‍ෆේස්‍‍බුක්‍ ‍වෙ‍ත ‍Animations එක්‍ ‍ක‍ල ‍හැ‍කි GifBooster
  8. ‍වි‍ශා‍ල ‍ෆ‍යිල්‍ ‍E-mailකි‍රී‍ම‍ට ‍උ‍දව්‍ ‍ක‍ර‍න File Mail
  9. ‍වෙබ්‍ ‍අ‍ඩ‍වි‍ව‍ල ‍සැඟ‍වූ ‍තො‍ර‍තු‍රු ‍සො‍යා ‍දෙ‍න  Who.is
  10. IP Address එ‍ක ‍සැ‍නින්‍ ‍පෙන්‍‍ව‍න What is my IP

Tuesday, December 3, 2013

ෆේස්බුක්

ෆේස්බුක්

ෆේස්බුක්, සංස්ථාපිත.
Typeපෞද්ගලික
Foundedකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004)
Founder
Headquartersපාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
Area servedලෝකව්‍යාප්ත
Key people
Revenueඇ.ඩො. බිලියන 3.71 (2011)
Net incomeN/A
Employees3000+(2011)
Websitefacebook.com
IPv6 supportwww.v6.facebook.com
Alexa rankSteady 2 (2012 අප්‍රේල්)
Type of siteසමාජ ජාල සේවා
AdvertisingBanner ads, referral marketing,casual games
Registrationඇවැසි
Usersමිලියන 845 (ක්‍රියාකාරි, 2011 දෙසැම්බර් 31)
Available inබහු භාෂා
Launched2004 පෙබරවාරි 4
Current statusක්‍රියාකාරි
ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 2012 පෙබරවාරි මාසය වන විට මිලියන 845 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණ.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.

Monday, December 2, 2013

ශ්‍රී ලංකාවේ ලෝක උරුම

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවි
ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථාන අටක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් අභිලිඛිත කොට ඇත. නාමිකව ගත් කළ පුරාතනපොළොන්නරුව(1982), අතීත සීගිරි නගරය(1982), රන්ගිරි දඹුලු විහාරය(1991), පුරාතන ගාලු නගරය හා එහි ආරක්ෂාව සැපයීමේ ක්‍රමෝපායන්(1988), පූජනීය අනුරාධපුර නගරය(1982), පූජනීය මහනුවර නගරය(1988), සිංහරාජ වන රක්ෂිතය(1988) සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්(2010) ජගත් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත.
මහනුවර පූජා නගරය[සංස්කරණය]මාළිගාවේ පිටත දර්ශනයක්
ප්‍රධාන ලිපිය: සෙංකඩගලශ්‍රී දළදා මාළිගාව වනාහි මහනුවර පූජා නගරය නගරය තුළ පිහිටි සුවිශේෂී ආගමික වැදගත්කමක් උසුලන පූජනීය ස්ථානයකි. එය රාජකීය මාළිග පරිශ්‍රයක් තුළ ඉදිවීම දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා වීමට හේතු පාදක විය. දන්ත ධාතූන් වහන්සේ බෞද්ධයාගේ නිරන්තර පිදුමට ලක්වන අතරම අතීතයේ සිට ශ්‍රී ලාංකික රාජ්‍ය පාලනය කෙරෙහි මහත් වූ බලපෑමක් ඇති කරන ලදී.එකල්හි දන්ත ධාතුවේ හිමිකාරිත්වය දරන පුද්ගලයාට රජකම හිමි වූ අතර එම නිසා දන්ත ධාතුව ආරක්ෂා කිරීමට පාලනයේ යෙදී සිටි රජවරු ඉමහත් වූ පරිශ්‍රමයක් දැරීය. සිංහල රජවරුන්ගේ අගනගරය ලෙස මහනුවර 1592 සිට 1815 දක්වා පැවතින. රාජධානිය වටා පිහිටි කඳු වලල්ලකින් සැදුම්ලත් භූමි භාගය රාජධානියේ ආරක්ෂාව තර කිරීමට සමත් විය. මහනුවර නගරය ජගත් ලෝක උරුමයක් නම් කිරීම සඳහා ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන කොට ගෙන හේතු පාදක වී ඇත.
මල්වතු මහා පාර්ශවය හා අස්ගිරි මහා පාර්ශව‍යේ බෞද්ධ භික්ෂූන් විහාරය ඇතුලත පිහිටි කුටිය තුළ බෞද්ධ වතාවත් ඉටු කරනු ලබයි. මෙම වතාවත් වාර්ෂිකව මල්වතු හා අස්ගිරි පාර්ශව‍ය මගින් සිදුවේ. දිනකට තෙවතාවක් අළුයම, දහවල්, හා සවස් යාමයේ මෙම චාරිත්‍ර ඉටු කෙරේ.
බදාදා දින වල විශේෂයෙන් පිළියෙළ කොට ගත් බෙහෙත් හා සුවඳ ගැල්වූ ජලය යොදා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ස්නානයකට භාජනය කරනු ලබයි. මෙය නානුමුර මංගල්‍යය ලෙස හැඳින්වේ.මෙම ශුද්ධ වූ ජලයට, වතාවත් සඳහා පැමිණ සිටින ජනතාවගේ ලෙඩ දුක් සුව කිරීමේ බලයක් ඇති බවට ව්ශ්වාසයක් පවතී. ත්‍රස්තවාදී ප්‍රහාර හේතු කොට ගෙන ශ්‍රී දළදා මාළිගාවට හානි සිදු වු අතර පසුව එම තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කරන ලදී.
සීගිරිය[සංස්කරණය]ප්‍රධාන දොරටුවේ සිට සීගිරි පර්වතය නිරීක්ෂණය වන අයුරු
ප්‍රධාන ලිපිය: සීගිරියසීගිරිය වනාහි හතර වන ශතවර්ෂයට අයත් පැරණි රජ වාසලකි. මෙය ඉදිකොට ඇත්තේ කාශ්‍යප රජු විසින් වන අතර සමහරෙක්, සීගිරිය ලොව අටවන පුදුමය ලෙසට සලකනු ලැබේ. සීගිරි පර්වතයේ ඉහලම තැනිතලා බිමෙහි සීගිරි රජ මාළිගයේ නටබුන් දක්නට ලැබේ. මැද මළුවෙහි සිංහ දොරටුව, කැටපත් පවුර සහ කැටපත් පවුරේ බිතු සිතුවම් දක්නට ලැබේ. පහළ මාළිග පරිශ්‍රය ඊට පහලින් පිහිටි බෑවුම් වලට තදින් සවි වී තිබෙන අතරම දිය අගල්, තාප්ප, සහ උද්‍යාන වලින් යුක්ත වේ. මෙම අංග මාලිගා පරිශ්‍රයේ පහළ කොටසේ සිට මීටර් සිය ගණනක් ඈතට විහිදී ඇත.
සීගිරිය වනාහි රජ මාළිගයක් මෙන්ම බලකොටුවක් ලෙසද භාවිත කල ස්ථානයකි. පෙර රජ දවස හෙළ කලාකරුවාගේ විස්මිත නිර්මාණ කුසලතාව විදහා දැක්වීමේ සාක්ෂි අදටත් සීගිරි පරිශ්‍රයේ දක්නට ලැබේ.
සීගිරි පර්වතයේ ඉහලම තැනිතලා බිමෙහි අඩංගු ගල් භාජනය ජලය රැස් කරන අතරම එම ජලය පහල පිහිටි දිය අගල් වලට හා උද්‍යාන වලට ලබා දීම තුලින් ඉමහත් වූ ආකර්ෂණයක් මාළිගා පරිශ්‍රයට ලබා දීමට හැකියාව ලැබී ඇත.
අනුරාධපුරය[සංස්කරණය]රුවන්වැලි සෑය , අනුරාධපුර පූජා නගරය, ශ්‍රී ලංකාව.
ප්‍රධාන ලිපිය: අනුරාධපුර (පෞරාණික නගරය)අනුරාධපුරය වනාහි අතීතයේ ලක්දිව පැවති අග නගරයන්ගෙන් එකකි. එහි ආරක්ෂා වී ඇති අතීත නටබුන්, අතීත ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරයේ ශ්‍රී විභූතිය ලොවටම හෙළි කරයි. අනුරාධපුර නගරය වටා ආරම්භ වූ මෙම ශිෂ්ඨාචාරය ආසියාවේ හා ලෝකයේ පැවති දියුණුම ශිෂ්ඨාචාර වලින් එකකි. මෙම ලෝක උරුම නගරය ශ්‍රී ලංකා අග නගරය වන කොළඹ සිට කිලෝමීටර් දෙසිය පහක්(හැතැක්ම 127) දුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔයේ ඉවුරු දෙසට වන්නට පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව හතර වන සියවසේ ආරම්භ වූ අනුරාධපුර රාජධානිය ක්‍රිස්තු වර්ෂ එකොළහේ ආරම්භය දක්වා පැවතින. මෙම කාලය වනාහි අනුරාධපුර නගරය, දකුණු ආසියාවේ දේශපාලන හා සමාජයීය වශයෙන් ඉතාමත් ස්ථාවර තත්වයක පැවතුන සමයකි. මෙසමයෙහි අනුරාධපුර නගරය අද්විතීය සංස්කෘතියකින් හා උසස් ශිෂ්ඨාචාරයකින් පොහොසත් විය. වර්තමාන අනුරාධපුර නගරයේ වර්ග සැතපුම් දහසයක්(ව:කිමී 40) පුරා පෞරාණික බෞද්ධ ආරාම පැතිරී ඇති අතර මෙම කලාපය අන්තර්ජාතික පුරාවිද්‍යාත්මක ස්ථාන අතර ප්‍රධාන ස්ථානයක් උසුලයි.
ගාල්ල[සංස්කරණය]ගාලු කොටුව : ගාල්ල ප්‍රදීපාගාරයේ දර්ශනයක් , ශ්‍රී ලංකාව
ප්‍රධාන ලිපිය: ගාල්ලGalle (ඉංග්‍රීසි උච්චාරණය: /ˈɡɔːl/, Sinhala: ගාල්ල [ˈɡaːlːə], දෙමළ: காலி) ශ්‍රී ලංකාවේ නිරිතදිග ගැටියේ පිහිටි, කොළඹ සිට කිලෝ මීටර 119(හැතැක්ම 74)ක් දුරින් වූ නගරයකි. 16 වන ශතවර්ෂයේ පෘතුගීසි ආක්‍රමණයට පෙර ගිම්හාතිත්ත(14 වන සියවසේදී ඉබන් බතුතා විසින් ක්වාලි) ලෙසින්ද ගාලු නගරය හැදින්වීය. මෙසමයෙහි ගාලු වරාය ලංකාවේ ප්‍රධාන වරායක් ලෙසට නම් දරා තිබිණ. 18 වන ශතවර්ෂයේදී ගාලු නගරය දියුණුවේ හිණි පෙත්තටම නැගී සිටියේය. බ්‍රිතාන්‍යය ආගමනයෙන් පසු කොළඹ වරාය සංවර්ධනය වීමත් සමඟම තත්වය කෙමෙන් වෙනස් විය.
වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින ඉන්දූනීසියාවේ ඇති වූ භුමි කම්පාවක් නිසා හට ගත් චණ්ඩ රළ පහරකින් දහසකට වඩා වැඩි ජනතාවක් ගාලු නගරයේදී මරුමුවට පත් විය.
පොළොන්නරුව[සංස්කරණය]පොළොන්නරුව රජ මාළිගය, ශ්‍රී ලංකාව.
ප්‍රධාන ලිපිය: පොළොන්නරුවශ්‍රී ලංකාවේ රාජධානීන් අතර දෙවැනි තැනට පැරණි රාජධානිය වනුයේ පොළොන්නරුව රාජධානියයි. පළමුවන විජයබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1070 දී චෝල ආක්‍රමණිකයින් පලවා හැරීමෙන් පසුව පොළොන්නරු රාජධානිය තම පාලනයට නතු කොට ගෙන එක්සේසත් කළේය. පළමුවන විජයබාහුගේ රාජ්‍යත්වයත් සමඟම සිදු වූ අධිරාජ්‍ය වෙනස් වීම් හේතුවෙන් පොළොන්නරුව සුවිශේෂී බවක් උසුලයි. පොළොන්නරුව එක්සේසත් කළ කතා නායකයා වනුයේ විජයබාහු රජුගේ මුණුබුරා වූ පළවෙනි පරාක්‍රමබාහු රජතුමායි. චෝල අධිරාජ්‍යයන්ගේ කෙටි පාලන සමය තුළ පොළොන්නරුව නගරය "ජනන්තමංගලම්" ලෙසට හැඳින්වීය.
කෙසේ වුවද පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රජ වූ නිශ්ශංකමල්ල රජතුමාට ඇති විරුද්ධත්වය මත අනෙකුත් සියලු අභ්‍යන්තර පාලකයින් තුළ රාජ්‍ය පාලනයට තිබූ කැමැත්ත ක්‍රමයෙන් ගිලිහී යන්නට විය. මෙය හේතු කොට ගෙන නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් ඇවිලීමට පටන් ගැනිණ. මෙසේ රජුට විරුද්ධව කැරළි ඇති වෙද්දී අනෙකුත් පාලකයන් විසින් දකුණු ඉන්දියානු ප්‍රබල රාජ්‍යයන් සමඟ සීමා රහිත විවාහ සම්බන්ධතා ඇති කර ගත්තේය. එය හේතු කොට ගෙන ශ්‍රී ලාංකීය රජ පෙළපත අභාවයට යාමට පටන් ගත් අතර කාලිංග මාග වර්ෂ 1214 දී පොළොන්නරුව රාජධානිය ආක්‍රමණය කළේය. අවසාන වරට පොළොන්නරුව රාජධානිය ආක්‍රමණයකට නතු වුයේ වර්ෂ 1284 දී පාන්ඩ්‍යය රජ පෙළපතකට උරුමකම් කියූ ආර්ය චක්‍රවර්තී නම් රජුගෙනි. ඉන්පසුව ලංකාවේ අගනුවර ලෙසට දඹදෙණිය පත් විය.
වර්තමානයේදී දක්නට ඇති අතීත පොළොන්නරුව නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ලාංකීය රජ දරුවන්ගේ විශිෂ්ටත්වය හා ශික්ෂණය මනාව පිළිඹිබු කරයි.
රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය[සංස්කරණය]රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරය
ප්‍රධාන ලිපිය: රන්ගිරි දඹුළු උයන්වත්ත රජමහා විහාරයරන්ගිරි දඹුළු විහාරය යුනෙස්කෝ ලෝක උරුම අතරට පත් වුයේ 1991 වර්ෂයේදීය. මෙම විහාරය කොළඹ සිට කිලෝමීටර් 148(හැතැක්ම 92) නැගෙනහිර දෙසටද නුවර සිට කිලෝමීටර් 72(හැතැක්ම 45) උතුරු දෙසටද වන්නට පිහිටා ඇත. මෙම විහාරය ලංකාවේ ඇති වඩාත්ම ආරක්‍ෂිත මෙන්ම විශාලතම ලෙන් විහාරයයි. ගල් පර්වතය බිම පිහිටි තැනිතලා මට්ටමේ සිට මීටර 160(අඩි 525) උසක් දක්වා දිව යයි. ලෙන් විහාරය අවට ප්‍රලේඛගත ලෙන් 80කට වැඩි ප්‍රමාණයක් දැක ගත හැක. මෙම ලෙන් අතර විශේෂ ආකර්ෂණයක් දිනා ගන්නේ බුද්ධ චරිතය ඇතුළත් සිතුවම් හා බුදු පිළිම අඩංගු කර ඇති විහාර වේ. මෙම ලෙන් විහාරය තුළ බුදු පිළිම 153ක්, ශ්‍රී ලාංකික රජවරුන්ගේ පිළිම 3ක් සහ දෙවි දේවතාවන්ගේ පිළිම 4ක් අඩංගු වේ. දේවතා පිළිම අතර විෂ්ණු සහ ගණ දෙවිවරුන්ගේ පිළිම 2කක්ද අඩංගු වේ. ලෙනෙහි අඩංගු බිතු සිතුවම් වර්ග මීටර් 2100 ආවරණය කරයි. මෙම බිතු සිතුවම් අතර මාරයා විසින් බුදුන් පරික්ෂාවට ලක් කළ ආකාරය හා බුදුන්ගේ පළමු ධර්ම දේශනය ඇතුලත් වේ.
සිංහරාජ වනාන්තරය[සංස්කරණය]සිංහරාජ වන රක්ෂිතයේ කඳුවැටි, ශ්‍රී ලංකාව
ප්‍රධාන ලිපිය: සිංහරාජ වනාන්තරයසිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යානයකි. අන්තර්ජාතික වැදගත්කමක් උසුලන සිංහරාජ රක්ෂිතය, ජෛවගෝල රක්ෂිතයක් මෙන්ම ලෝක උරුම භූමියක් ලෙසට යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇත. කඳු සහිත අදූෂිත වැසි වනාන්තරය හා පහත භූමී භාගයේ පිහිටි වැසි වනාන්තර වලින් සමන්විත ජෛව විවිධත්වය අවිධිමත් වාණිජ අතපෙවීම් වලින් ආරක්ෂා කිරීමට ලෝක ජෛව ගෝල රක්ෂිතයක් ලෙසට 1978 වර්ෂයේදී නම් කළ අතර 1989දී ලෝක උරුම රක්ෂිතයක් ලෙසට නම් කරන ලදී.
සිංහරාජ රක්ෂිතය නැගනහිර සිට බටහිර දක්වා කිලෝ මීටර 21(හැතැක්ම 13) සහ උතුරේ සිට දකුණ දක්වා කිලෝ මීටර 7(හැතැක්ම 4) පමණ විශාලත්වයෙන් යුතුවේ. එසේ වුවද එම භූමි භාගය ඒකදේශික විශේෂයන්ගෙන්- වෘක්ෂලතා, කෘමීන්, උභය ජීවින්, උරගයන්, පක්ෂීන් සහ ක්ෂීරපායින්ගෙන් අගතැන්පත් වේ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්[සංස්කරණය]ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් වලින් වට වූසමනල කන්දප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්මෙම ප්‍රදේශය මිනිස් වාසයෙන් තොර රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇති අතර, හෝර්ටන් තැන්න, නකල්ස් කඳු පන්තිය මෙම ප්‍රදේශයට අයත් වේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් ලෝක උරුම ලේඛනයට 2010 වර්ෂයේදී ඇතුළත් වුයේ එහි වූ ජෛයව විවිධාත්මක වැදගත්කම නිසාවෙනි.

දෙමුහුම් වාහන(Hybrid Vehicles)

දෙමුහුම් වාහන

"දෙමුහුම් වාහන" යනු වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්‍ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි . මේ යෙදුම බොහෝ අවස්ථාවන්හිදී යොදා ගන්නේ "දෙමුහුම් විද්‍යුත් වාහන(hybrid electric vehicles ,HEV), හෙවත් අභයන්තර දහන එන්ජිමක් සහ එකක් හෝ ඊට වැඩි විදුලි මෝටර ගනනක් ධාවනය සදහා යොදා ගන්නා වහන වෙනුවෙනි.

දෙමුහුම් වාහන සදහා සමාන්යෙන් භවිතා වන බල සැපයුම් වන්නේ
වාහනය තුල /පිටත සවිකර ඇති නැවත ආරොපණය කල හැකි බල සැපයුම( බැටරිය)
සම්පීඩිත වායු
ගල් අගුරු හො දර ( හො අනෙත් ඝන ගිනිගන්නා දේවල්)
විද්‍යුත්ය
චුමභක ක්ෂේත්‍ර
සම්පීඩිත හෝ ද්‍රවීය ස්වාභවික වායු
මිනිස් බලය: උදා. පැඩල් කිරීම හෝ හබල් ගෑම
හයිඩ්‍රජන්
ද්‍රවීය නයිට්‍රජන්
පෙට්‍රල් හෝ ඩීසල්
සූර්ය ශක්තිය
සුලං බලය
අභයන්තර දහන එන්ජිමෙන් හානිවන තාපය

වාහන වර්ග

රෝද දෙකේ සහ බයිසිකල් වගේ වාහන වර්ග

මෝපෙඩ්ස්, මෝටරයක් සවිකරනලද බයිසිකල්, විද්‍යුත් බයිසිකල් සරල දෙමුහුම් වාහන ඝනයේ ලා සැලකිය හැක, එ මන්ද යත්, ඒවා බල සැපයුම ලෙස අභයන්තර දහන එන්ජිමක්, විදුලි මෝටරයක් සමග පදවන්නාගේ බහු බලය යොදා ගන්නා නිසාවෙනි.
බර වාහන
ඩීසල්-විද්‍යුත් හෝ ට‍්රබෝ-විද්‍යුත් පද්ධති භාවිතයට ගන්නා දෙමුහුම් බල පද්ධති දුම් රියයන්,බස්,භාණ්ඩ ප්‍රවාහන රථ, ද්‍රවසම්පීඩිත ජංගම රථ, සහ නැව් වැනි විශාල වාහන බලගැන්වීමට යොදා ගනී.

Friday, November 29, 2013

OPERATING SYSTEM

පරිගණක මෙහෙයුම් පද්ධති


මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.
බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.
ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.
බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.

මෙහෙයුම් පද්ධති - ඉතිහාසය

ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි.
· MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.
· මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය.
· 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි. · 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. තවද Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය.
· 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.
· Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය.
· සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් ‍වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.
එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.සබැඳියෙහි ශීර්ෂය ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.

යුනික්ස් සහ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධත ි

උබුන්ටු (Ubuntu) , ජනප්‍රිය ලිනක්ස් බෙදා හැරීමකි. භාවිතයේ ඇති බොහෝමයක් අතරින් එකකි
කෙන් තොම්සන් (Ken Thompson) ඔහුගේ MULTICS ව්‍යාපෘතියේ ‍අත්දැකීම් මත පදනම්ව යුනික්ස් ලිවීමට යොදාගත් BCPL මත පදනම්ව, B ලියන ලදී. B‍ C හි මඟින් ප්‍රතිස්ථාපනය වූ අතර යුනික්ස්, සෑම නූතන මෙහෙයුම් පද්ධතිකටම බලපෑම් ඇති කරන විශාල සංකීර්ණ අන්තර්ව බැඳුනු මෙහෙයුම් පද්ධති පවුලක් බවට වර්ධනය විය. (ඉතිහාසය බලන්න) යුනික්ස් වැනි පවුල මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයෙන් වෙනස් කාණ්ඩයකි. එයට සිස්ටම් System V, BSD, හා ලිනක්ස් වැනි ප්‍රධාන උප ඒකක කිහිපයක් ඇතුළත් වේ. යුනික්ස් යන නාමය ද ඕපන් ගෘප් හි වෙළඳ නාමයක් වන අතර එහි අර්ථ දැක්වීමට ගැලපෙන මෙහෙයුම් පද්ධතියක් සඳහා යෙදීමට අවසර ලබා දී ඇත. “යුනික්ස් වැනි” බහුලව භාවිතා වන්නේ නියම යුනික්ස්ට සමාන මෙහෙයුම් පද්ධති සමූහයක් හැඳින්වීමටය. යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති යන්ත්‍ර නිර්මිත විශාල ප්‍රමාණයක් මත ධාවනය වේ. ඒවා ව්‍යාපාර කටයුතුවලදි සේවා දායකවල සහ අධ්‍යාපනික හා ඉංජිනේරුමය කටයුතුවලදී වර්ක්ස්ටේෂන් (workstations) වල බහුලව භාවිත‍ා වේ. GNU ලිනක්ස් හා BSD වැනි නිදහස් මෘදුකාංග යුනික්ස් ආදේශක මෙම අංශවල ජනප්‍රිය වේ. ලිනක්ස් වෙළඳපොළ කොටස බොහෝ වෙනස් බෙදාහැරීම් අතර බෙදී යයි. නොවෙල් (Novell) හා රෙඩ් හැට් (Red Hat) මඟින් සිදු කරන මහා පරිමාණ ව්‍යවසාය පන්තියේ බෙදා හැරීම් සංස්ථා මඟින් භාවිතා කරන නමුත් සමහරක් ගෘහස්ථ පරිශීලකයන් ද එම නිපැයුම් භාවිතා කරයි. ඓතිහාසිකව ගෘහස්ථ පරිශීලකයන් ස්ථාපනය කළේ ඔවුන්ගේම බෙදා හැරීමකි. නමුත් 2007 දී ගෘහස්ථ PC සඳහා උබුන්ටු ලිනක්ස් බෙදා හැරීම ඩෙල් (Dell) සමාගම ආරම්භ කළ අතර වර්තමානයේ වෝල්මාර්ට් (Walmart) සමාගම GOS v2 සමඟ පහත් අන්තයේ පරිගණක ඉදිරිපත් කරයි. වැඩතලය (desktop) මත ලිනක්ස් , වර්ධනය කරන හා විනෝදාංශමය මෙහෙයුම් පද්ධති දියුණු කරන ප්‍රජා අතර ජනප්‍රිය වේ. (පහත බලන්න) නිදහස් මෙහෙයුම් පද්ධති සඳහා වෙළඳ පොළ කොටස් දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍ය නොවේ. එසේ වන්නේ ඒවා නියෝජනයන් යටතේ භාවිතා කර මිළ දි නොගන්නා බැවිනි. අනෙක් අතට නිදහස් මෙහෙයුම් පද්ධතිවල මුළු බාගත කිරීම් මත පදනම්ව ඇති වෙළඳ පොළ කොටස් දත්ත බොහෝ විට විශාල ‍මවා පෑමකි. මන්ද යත් මෙහෙයුම් පද්ධති ගණනාවක් ගැනීමට ආර්ථිකව ප්‍රශ්නයක් නොමැති නිසා පරිශීලකයන් මෙහෙයුම් පද්ධති කිහිපයක් බාගත කර වඩා සුදුසු දෙය තෝරා ගනියි. HP හි HP-UX හා IBM හි AIX වැනි සමහරක් යුනික්ස් ආදේශක එම නිෂ්පාදකයාගේම දෘඩාංගවල පමණක් ධාවනය වන ලෙස සකසා ඇත. සෝලාරිස් (Solaris) වැනි අනෙක්වාට x86 සේවා දායක හා PC ඇතුලුව විවිධ වර්ගවල දෘඩාංග මත ධාවනය විය හැක. ඇපල්හි මැක් OS X මාච් (Mach) හා ෆ්‍රී BSD මඟින් ඇපල්හි මුල් කාලීන (යුනික්ස් නොවූ) මැක් OS ප්‍රතිස්ථාපනය කර ඇත. යුනික්ස් අන්තර් ක්‍රියාකාරීත්වය සොයා බලන ලැබුවේ POSIX සම්මත ප්‍රකාශයට පත් කිරීමෙනි. POSIX සම්මතය විවිධ යුනික්ස් ආදේශක සඳහාම නිර්මාණය කර තිබුණත් ඕනෑම මෙහෙ‍යුම් පද්ධතියකට යෙදිය හැකි වේ.

තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධති

තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධතියක් (RTOS) යනු ස්ථාවර නියමිත කාලයක් සහිත යෙදුම් සඳහා අරමුණු කර ඇති බහු කාර්ය කරණ මෙහෙයුම් පද්ධතියකි (තථ්‍ය-කාල පරිගණනය). කුඩා නිහිත පද්ධති, මෝටර්රථ එන්ජින් පාලක, කාර්මික රොබෝවරුන්, අභ්‍යාවකාශයානා, කාර්මික පාලන, සහ සමහරක් මහා පරිමාණ මෙහෙයුම් පද්ධති යන දේ මෙවන් යෙදුම් වලට අයත් වෙති.
නිහිත පද්ධති විසින් ඒ සඳහාම කැපවු විවිධ මෙහෙයුම් පද්ධති රැසක් භාවිතා කරයි. සමහර අවස්ථාවලදී විශේෂ කාර්යය ක්‍රමලේඛයක් නිපදවීමට "මෙහෙයුම් පද්ධති මෘදුකාංග” සෘජුවම යෙදුම් හා සම්බන්ධ කර ඇත. ඇති සරලම නිහිත පද්ධතිවල, මෙහෙයුම් පද්ධතිය හා යෙදුම අතර වෙනසක් දැකිය නොහැකි වේ. එක්තරා කාල අවශ්‍යතාවයක් ඇති නිහිත පද්ධති තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති (real-time operating system) ලෙස හඳුන්වයි.
නිශ්චිත කාලයක් නියම කර ඇති නිහිත පද්ධති වන VxWorks, eCos, QNX මෙන්ම RTLinux වැනි තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති ඇත.

Palm 05, windows CE, BSD සහ Linux වැනි මෙහෙයුම් පද්ධති තථ්‍ය කාල පරිගණනයට ආධාර නොකලත් සමහර නිහිත පද්ධති ඒවා භාවිතා කරයි.
Windows CE හි මේස පරිගණකයෙහි Windows වලට සමාන යෙදුම් ක්‍රමලේඛ සහිත අතුරු මුහුණතක් (API) පවතී. එසේ වුවත් මේස පරිගණකයෙහි Windows හි ඇති කේත පදනම (Code base) හා Windows CE හි සමානකම් නැත.
කෙසේ වෙතත් මෑත කාලයේදී Linux විසින් නිහිත මෙහෙයුම් පද්ධති අතර ප්‍රමුඛස්ථානය ලබා ගෙන ඇත්තේ පහත කරුණු හේතුකර ගෙනය. කුලී ගෙවිය යුතු නැතිවීම, පුළුල් හැකියාව, උසස් කාර්ය සාධනය හා අඩුවෙන් මතකය වැය වීම යන කරුණු පදනම් කරගෙනය.